මුස්ලිම් ජනතාව රජයෙන් ඈත් කරවීමේ උත්සාහයක්. - ජනපති.

Sunday, 08 September 2013 - 18:45

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80++%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%88%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

මුස්ලිම් ජනතාව රජයෙන් ඈත් කරවීමේ උත්සාහයක් අද රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කවුරුන් උත්සාහ දැරූව ද ඉතිහාසය මතක ඇති මෙරට මුස්ලිම්වරුන් කිසිදා තමාගෙන් ඈත් කර දැමිය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් ප්‍රජාව අද (08) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s66786[/MP3]                                               

 

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා රැසක විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු 21 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද (08) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණි මෙම පිරිස ජනාධිපතිවරයා හමුවී සහාය පළ කළ බවයි. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්, පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ නාරම්මල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු තවත් ප්‍රාදේශීය සභා රැසක මන්ත්‍රීවරු ඊට ඇතුළත්.  

 

මහනුවර - හාරිස්පත්තුව ප්‍රදේශයේ ජනතා ගැටළු සොයා බැලීම සඳහා ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ හදිසි නීරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories