21 වැනිදායින් පසු ඇමති බැසිල් උතුරු වසන්තයෙන් ඉවත් වෙයි.

Monday, 09 September 2013 - 8:08

21+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ උතුරු වසන්තය වැඩසටහනේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළඹෙන 21 වැනිදායින් පසු, අමාත්‍යවරයා ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උතුරු වසන්තය වැඩසටහන ආරම්භ කරනු ලැබුවා. සැප්තැම්බර් 21 වැනිදායින් පසු නව පළාත් සභාවකට බලය පැවරෙන බැවින් තමන් එම වගකීම්වලින් අමාත්‍යවරයා ඉවත්වීම තීරණය කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනතාව පත් කරන නායකයින්ට මෙම වගකීම පැවරීම වැදගත් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories