උතුර මධ්‍යම සහ වයඹ තැපැල් ඡන්දය අද ඇරඹේ

Monday, 09 September 2013 - 8:11

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A


උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ඡුන්ද විමසීම අද (09) සහ හෙට (10) පැවැත්වෙනවා. ඡන්දදායකයන් එකොලොස් ලක්ෂ 11,383 දෙනෙකු මෙවර තැපැල් ඡුන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අද සහ හෙට දිනවල තැපැල් ඡන්ද විමසීම් සිදුකෙරෙන මධ්‍යස්ථානවල රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය නිලධාරින් මේ වනවිටත් ස්ථානගත කර ඇති අතර, තැපැල් ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඞ් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මේ අතර, අද සහ හෙට දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රජයේ සේවකයන් සඳහා මේ මස 13, 14, සහ 15 යන දින තුන අතිරේක දින වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂයෙන් තෝරා ගත් මධ්‍යස්ථාන වෙත සිය නියෝජිතයන් යොමුකර ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

 
[MP3]s66803[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories