ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ තොරතුරු හෙළිවේ.

Monday, 09 September 2013 - 12:44

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A.

කොළඹ - ඔරුගොඩවත්ත රේගු නිෂ්කාශන අංශයේදී අත්අඩංගුවට ගැණුනු දකුණු ආසියාවෙන් මෙතෙක් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අන්තර්ජාතික ජාලය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසනවා. අන්තර්ජාතික පොලිසියේ ද සහය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ එම අන්තර්ජාතික ජාලය පිළිබඳව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර, මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒමේ ජාවාරමේ මහමොළකරු වන පාකිස්ථානු ජාතික සර්ධාරී ඛාන් පසුගිය අගෝස්තු 8 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා. ඔහු දැනට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හමුවී සාකච්ඡා කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. එමෙන්ම, අදාළ පාකිස්ථානු ජාතිකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළා.

පසුගිය අගෝස්තු 30 වැනිදා සිකුරාදා ඔරුගොඩවත්තේ පිහිටි රේගු නිශ්කාෂණ අංශයේ දී පාකිස්තානයේ - කරච්චි නුවර සිට  හෙරොයින් රැගෙන ආ කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 258 ක් සොයා ගනු ලැබුවා. එහි වටිනාකම සඳහන් වුණේ රුපියල් කෝටි 250 ක් ලෙසයි. අනතුරුව, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පාකිස්ථානු ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories