සිරියාවට පහර නොදීම අවදානම්. - ඇමරිකාව.

Monday, 09 September 2013 - 19:06

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.

සිරියාවේ රසායනික අවි භාවිතයට එරෙහිව ක්‍රියාත්මක නොවීම, ඊට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයකට වඩා අවදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ලන්ඩනයේ දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයෙන් ප්‍රතිචාරයක් එල්ල නොවුණහොත් සිරියානු නායකයා තවදුරටත් අත්තනෝමතිකව කටයුතු කරනු ඇති බවයි. බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාව බලා යන රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජිතයන් සිරියාවට එරෙහි ප්‍රහාරයක් සඳහා එකඟ කරවා ගැනීමට උත්සාහ කරනු ඇති. කෙසේ නමුත් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් 433 දෙනෙකු අතරින් 224 දෙනෙකුම සිරියාවට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයකට විරුද්ධත්වය පළ කරන බව සඳහන්. 184 දෙනෙකු තීරණයකට එළඹී නොමැති අතර, ඒ සඳහා ප්‍රසිද්ධියේ සහාය පළ කරන්නේ 25 දෙනෙකු පමණයි. රුසියාව, චීනය මෙන්ම ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ද සිරියාවට එරෙහි ඇමරිකානු ප්‍රහාරයකට දැඩි විරෝධයක් පළ කරනවා. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories