තහවුරු නොකළ චෝදනා විශ්වාස නොකරන්න. - රවීනාථ ආරියසිංහ.

Tuesday, 10 September 2013 - 7:42

%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8F%E0%B6%AE+%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84.

වෙනත් අරමුණු සහ න්‍යාය පත්‍ර මත කටයුතු කරන පුද්ගලයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නගන තහවුරු නොකළ චෝදනාවලට විශ්වසනීයත්වයක් ලබානොදෙන ලෙස රජය ජගත් සංවිධාන මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගෙන් ඉල්ලීමක් කළා. ඔවුන් විශේෂයෙන් මෙහෙය වනු ලබන්නේ ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් අන්තවාදී කොටස් විසින් බවයි රජය පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 24 වන සැසි වාරයට ඊයේ (09) සහභාගි වෙමින් ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මෙම අදහස් ඉදිරිපත් කළා. ඔහු කියා සිටියේ ඇතැම් කණ්ඩායම් දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙවැනි තහවුරු නොකළ චෝදනා එල්ල කරන බවයි. ඔවුන් මීට පෙර ද මේ ආකාරයෙන් ලක් රජය අප්‍රසාදයට ලක් කිරීමේ ප්‍රයත්නයන්හි නිරත වුණා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ජගත් මානව හිමිකම් කොමිසමේ දී සම්මත වීමට හේතුපාදක වූයේ ද එම තත්ත්වයයි.

ශ්‍රී ලංකාවේ සංචාරය මගින් ඇගේ කාර්ය භාරය සපිරීම සඳහා විෂයානුකූල අපක්ෂපාතී ප්‍රවේශයක් දැරිය යුතු බව ලක් රජය මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැනුම් දුන් බවයි ජගත් සංවිධාන ජිනිවා කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත ප්‍රධානී රවිනාථ ආරියසිංහ සඳහන් කළේ.

ජගත් මානව හිමිකම් කොමසාරි නවනීදන් පිල්ලේ මෙවර ජිනිවා සැසි වාරය ආරම්භයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් කළ කරුණු පිළිබදව ලක් රජයේ අවධානය යොමු  වී තිබෙනවා. විශේෂයෙන් ඇගේ චාරිකාවේදී මුණ ගැසුණු මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබදව රජය ප්‍රතිචාර දක්වන බවයි ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ කියා සිටියේ.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් ආරක්ෂා කිරීමට ලක් රජය සම්පූර්ණයෙන් කැප වී සිටිනවා. එමෙන්ම නවනීදන් පිල්ලේ සදහන් කරන ආකාරයේ සිද්ධීන් පිළිබදව නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස රජය මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් සහ ඇගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ද රවිනාථ ආරියසිංහ සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories