ව්‍යාජ පානීය ජල බෝතල් පිටකොටුවෙන් අල්ලයි.

Wednesday, 11 September 2013 - 13:07

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
ව්‍යාජ ලියාපදිංචි අංක යෙදූ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබානොගෙන අලෙවි කළ පානීය ජල බෝතල් තොගයක් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් අද (11) සොයා ගත්තා. ඒ, පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳසැල්වල සිදුකළ වැටලීමකදීයි. නරක් වූ පළතුරු තොගයක්ද එහිදී හමුවූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. [MP3]s66975[/MP3] පිටකොටුවේ ආපනශාලාවල අලෙවි කෙරෙන පානීය ජල බෝතල් තුළ තෙල් සහ ග්‍රීස් වර්ග අඩංගු වී ඇති බවට මුල්වරට අනාවරණය කළේ පසුගිය 05 වැනිදා හිරු දහවල් ප්‍රවෘත්ති විකාශයෙන්. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයා හරහා සිදුකළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබුණේ. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයත් සමග මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන වැටලීම් වේගවත් වුණා. කෙසේ වෙතත්, තෙල් සහ ග්‍රීස් අඩංගු වී තිබූ අදාළ ජල බෝතල් සඳහා නිෂ්පාදිත සමාගම් ප්‍රමිති සහතිකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයද ලබාගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories