බැස්ටියන් මාවතේ ජල බෝතල්වලින් 25% කම ප්‍රමිතියක් නැහැ.

Wednesday, 11 September 2013 - 19:08

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+25%25++%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

පිටකොටුව - බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගනය තුළ අලෙවි කරන පානීය ජල බෝතල්වලින් සියයට 25 ක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ සමාගමක් මගින් නිෂ්පාදනය කර ඇතැයි හෙළි වී තිබෙනවා. මෙම කරුණු අනාවරණ වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිටකොටුව ප්‍රදේශයේ ජල බෝතල් අලෙවි කරන ස්ථාන තුළ අද සිදුකළ පරීක්ෂාවකදීයි. ජල බෝතල් නිෂ්පාදනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට ලියාපදිංචිව සිටින්නේ ආයතන 87ක් පමණයි. එහෙත්, ඇතැම් පානීය ජල බෝතල් සකස් කරන ආයතන අනුකරණය කරමින් ව්‍යාජ ලෙස සැකසූ පානීය ජල බෝතල් විශාල ප්‍රමාණයක් මෙම පරීක්ෂාවේදී හඳුනා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඇතැම් පානීය ජල බෝතල් හිරු එළියට නිරාවරණය කර අලෙවි කෙරෙන අතර, ඇතැම් ඒවා ලියාපදිංචි අංකයකින් තොරව අලෙවි කරන බවට මෙම පරීක්ෂාවේදී හෙළි වූ බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් කියා සිටියේ.

[MP3]s67004[/MP3]                                                 

එමෙන්ම මෙවැනි ව්‍යාජ පානීය ජල බෝතල්වල ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන එස්.එල්.එස්. සහතිකය ඇති බවට එහි ලාංඡනද ප්‍රදර්ශනය කර තිබුණා. අප මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් සේනවීරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා හෙට දිනයේදි ප්‍රකාශයක් සිදුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories