රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය අහිමි කළ නිලධාරීන්ට වැඩ වරදී.

Thursday, 12 September 2013 - 18:59

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

උතුරු පළාත් සභාව සඳහා තරග කරන දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානය සිදුකළ පැමිණිල්ල පිළිබඳව තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. මැතිවරණ දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබුණු පසු මේ පිළිබඳව රාවණා බලය සංවිධානය දැනුවත් කරන බවයි. දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකශය ගැටළු සහගත බව පවසමින් රාවණා බලය සංවිධානය ඊයේ (11) මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත්, අද (12) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තමන් වෙත ලැබී නොමැති බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය තමන් වෙත ලබාදීමට දෙමළ සන්ධානය බැඳී නොමැති බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. දෙමළ සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවත්, පිළිගත් දේශපාලන පක්ෂය වන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙහිදී සිහිපත් කළා. එහෙත් දෙමළ ජාතික සන්ධානය ලියාපදිංචි දේශපාලන සංවිධානයක් බවයි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.

මේ අතර, තැපැල් ඡන්ද සහතික කරන නිලධාරීන් මගින් යම් කිසි අකටයුත්තක් සිදු වී ඇත්නම් ඔවුන්ට විරුද්ධව දඬුවම් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළා. ඒ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් 72 ක් ඇතුළු මධ්‍යම සහ වයඹ පළාතේ රාජ්‍ය නිලධාරීන් රැසකට මෙවර තැපැල් ඡන්දය අහිමිවීම සම්බන්ධයෙන් අනාවරණයවීමත් සමගයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී  කොමසාරිස්වරයා කියා සිටියේ ප්‍රමාද වී ලබාදුන් තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් වගකීමක් දැරීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බවයි.

[MP3]s67068_1[/MP3]                               

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය.

[MP3]s67068_2[/MP3]               

මැතිවරණය පැවැත්වෙන වයඹ, මධ්‍යම සහ උතුර පළාත්වල පාසල් ලබන 20 වැනිදා වසා දැමීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) ප්‍රකාශ කළා. ඒ, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ඉල්ලීමකට අනුවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories