ටී.එන්.ඒ. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග.

Thursday, 12 September 2013 - 19:06

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C.

දෙමළ ජාතික සන්ධානය විසින් උතුර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව පිරිසක් අධිකරණයට යාමට සූදානමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දෙමළ සන්ධානය මෙවැනි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව රජය කණගාටුව පළ කරන බවයි. කෙසේ වෙතත්, උතුර පළාත් සභාව දෙමළ සන්ධානය ජයගතහොත් උතුරේ ජනතාව එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගත්තා හා සමාන නොවේ දැයි මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.

[MP3]s67069_1[/MP3]                            

රජයේ නිලධාරියෙකු වන උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවීම පිළිබඳවද තවත් මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඊට ඔහු දැක්වු ප්‍රතිචාරයයි මේ.

[MP3]s67069_2[/MP3]                                           

ජාතික හෙළ උරුමය, ජාතික ගැටළුව විසඳීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් ඉවත් වූවත්, එහි කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යන බව අමාත්‍යවරයා කියා සිටියා.

[MP3]s67069_3[/MP3]                            

එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණයක් ලබාදෙන ලෙස මේ දිනවල විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අතර, 2014 වර්ෂයේදී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

[MP3]s67069_4[/MP3]        



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories