කිරිවල විෂ රසායනික ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරස්පර ප්‍රකාශ.

Thursday, 12 September 2013 - 19:48

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81.

කිරි ආහාරවල ඞී.සී.ඞී. සහ ක්ලොස්ටි‍්‍රඩියම් - බොටියුලිනම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන බවට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කරනවා. එම සම්මේලනයේ සම සභාපති රවී කුමුදේශ් මේ බව කියා සිටියේ නාරාහේන්පිටදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ක්ලොස්ටි‍්‍රඩියම් - බොටියුලිනම් බැක්ටීරියාව, වේ ප්‍රෝටීන අඩංගු ආහාරවල අන්තර්ගත නොවන බව තහවුරු වීම නිසා එම ආහාර වෙළඳපොලේ අලෙවිය සඳහා අවසර දීමට තීරණය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අද (12) පෙරවරුවේ නිවේදනය කළේ. ඒ සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර මෙම රසායනික පිළිබඳ නිකුත් කළ නිවේදන එකිනෙකට පරස්පර විරෝධී වන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියා. අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි සම සභාපති රවී කුමුදේශ්.

[MP3]s67076_1[/MP3]               

මේ සම්බන්ධයෙන් කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණා. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

[MP3]s67076_2[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories