ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව තුළද වාද විවාද ඇති වී තිබෙනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වල මානව හිමිකම් සම්බන්ධයෙන් පැවති විවාදයක් අතරතුරයි. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ගෙන් ඉල්ලා සිටියද, ඇතැම් මන්ත්‍රීවරුන් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පළ කර තිබෙනවා.
එහිදී අදහස් දැක්වු කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි සාරා චැම්පියන් ප්‍රකාශ කර ඇත්තේ මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී නොවිය යුතු බවයි.
[MP3]s67097_1[/MP3]
නමුත් බ්‍රිතාන්‍ය ප්රජාතන්ත්රවාදී ලිබරල් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ පර්සි ප්‍රකාශ කර ඇත්තේ මෙම සමුළුවට සහභාගීවීම තුළින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය වටහා ගත හැකි බවයි.
[MP3]s67097_2[/MP3]
කෙසේ වෙතත්, මෙම විවාදයට එක්වු බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වෝයර් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ ලේකම්වරයා මෙන්ම තමන්ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට දැනටමත් තීරණය කර අවසන් බවයි. මෙම සමුළුවට මහරැජිණ නියෝජනය කරමින් චාල්ස් කුමරුද එක්වන බව මෙහිදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
Follow US
Most Viewed Stories