කැළණි ගඟ සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළට.

Friday, 13 September 2013 - 12:53

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%96+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (13) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ (12) රාත්‍රියේ සිට මේ දක්වා වැඩිම වර්ෂාපතනයක ලැබී ඇත්තේ කුරුණෑගල - මිල්ලව ප්‍රදේශයටයි. ඒ මිලිමීටර් 178 ක්. පාදුක්ක ප්‍රදේශයට මිලිමීටර් 85 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 18 යි දශම 9 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කාරියවසම්.

 

[MP3]s67122_1[/MP3]

 

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාපතනය ඇදහැලෙන බැවින් කැළණි ගඟේ සහ අත්තනගලූ ඔයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යා හැකි බවයි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

 

[MP3]s67122_2[/MP3]

 

නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද අලූයම සිට හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට තවදුරටත් බාධා සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories