වත්මන් ආණ්ඩුව යටතේ කැසිනෝ හෝ වෙනත් සූදු බලපත්‍ර ලබාදී ඇත්නම් එය ඔප්පු කරන ලෙස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කැසිනෝ ඇතුළු සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිත මිශ්‍ර ව්‍යාපෘති දෙකකට කැබිනට් අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඉන් එකක් වන්නේ සුඛෝපභෝගි හෝටලක් මෙන්ම සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම් ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක ආයෝජනයක්. ඕස්ට්‍රේලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ට අයත් ලේක් ලෙෂර් හෝල්ඩින්ස් සමාගමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක ආයෝජනයක්. කොළඹ ඞී.ආර්.විජේවර්ධණ මාවතේ ඉදිකෙරෙන මෙම හෝටලයේ ද සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිතයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමට ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ කැසිනෝ සඳහා නව බලපත්‍ර ලබාදී නොමැති බවයි.
[MP3]s67127_1[/MP3]
එක්සත් ජාතික පක්ෂය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙරට කැසිනෝ ව්‍යාපාරයේ යෙදෙන කිසිවෙකුට බලපත්‍රයක් නොමැති බවයි.
[MP3]s67127_2[/MP3]
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරන්නේ කැසිනෝ ව්‍යාපාර සඳහා කිසිදු අලූත් බලපත්‍රයක් ලබාදී නොමැති බවයි.
[MP3]s67127_3[/MP3]
මේ අතර, ජාතික හෙළ උරුමය පසුගිය 13 වැනිදා පැවැත්වූ එහි ජාතික සමුළුවේදී කැසිනෝ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක දැක්වූයේ මෙවන් අදහසක්.
[MP3]s67127_4[/MP3]
Follow US
Most Viewed Stories