මැතිවරණ නීති කැඩූ 116ක් අත්අඩංගුවට.

Saturday, 14 September 2013 - 7:44

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+116%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමට අදාළ පැමිණිලි 136ක් පොලීසිය වෙත වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පැමිණිලි වාර්තා වන ප්‍රදේශවලට පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් රාජකාරියේ යෙදවීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

 

මේ අතර, සමස්ත මැතිවරණ නීති උල්ලංගණය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා 404 දක්වා ඉහළ ගොස් ඇති බවයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි විමර්ශන ඒකකය කියා සිටියේ. වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම පැමිණිලි සංඛ්‍යාව 108ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, පැමිණිලි 68ක් වාර්තා වනවා.

 

මේ අතර, මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කැදවා ඇති විදේශ නිරීක්ෂකයන් ඊයේ (13) සහ අද (14) දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බවයි. දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ ආයතන සංසදය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නියෝජනය කරමින් මෙම නිරීක්ෂණ කණ්ඩායම් පැමිණෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories