කැළණිය සරසවියේ නේවාසිකාගාරයකට පොලිස් මුරපොලක්.

Saturday, 14 September 2013 - 19:21

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

කැළණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර පිරිමි නේවාසිකාගාරයේ අද (14) අළුයම ඇතිවු සිද්ධියට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වගකිව යුතු බව එහි මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව කැළණිය - පොල්හේන ප්‍රදේශයේ පිහිටා ඇති එම නේවාසිකාගාරයට ඇතුළු වූ 04 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සහ සිසුන්ගේ යතුරුපැදි 14 කට පහරදී අලාභ හානි සිදුකර තිබුණා.

සරසවියේ අභ්‍යන්තරව පිහිටා තිබූ පිරිමි නේවාසිකාගාර බාහිරින් පිහිටි කන්නන්ගර නේවාසිකාගාරය වෙත රැගෙන යාමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

[MP3]s67187_1[/MP3]                                 

මෙම නේවාසිකාගාරයේ රැඳී සිටි සිසුන් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාව නොමැති බව පවසමින් ඉන් ඉවත් වී විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත අද දහවල් පැමිණ තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැළණිය සරසවියේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම කියා සිටියේ අදාළ නේවාසිකාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව කන්නන්ගර නේවාසිකාගාරයේ පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි උපකුලපතිවරයා තවදුරටත් සඳහන් කළේ.

[MP3]s67187_2[/MP3]                          

කෙසේ වෙතත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මෙම සිදුවීම එම නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් සහ ගම්වැසියන් අතර කාලයක සිට පැවති ආරවුලක ප්‍රතිඵලයක් බවට ද පොලිසිය සැක කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories