විදෙස් නිරීක්ෂකයින් මැ.කො. හමුවෙයි.

Saturday, 14 September 2013 - 20:21

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ සංසදයේ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අතර, සාකච්ඡාවක් අද (14) පැවැත්වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති එම සාකච්ඡාවේදී මෙරට මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් දැනුවත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ බවයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් ප්‍රකාශ කළේ.     

[MP3]s67196[/MP3]

ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මැතිවරණ නිරීක්ෂකයින් මෙලෙස මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් හෙට දිනයේදී ඒ ඒ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි. එමෙන්ම, මෙම විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් සහ දේශීය නිරීක්ෂකයින් අතර සාකච්ඡාවක්ද හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තැපැල් ඡන්ද භාවිත කිරීමට අමතරව ලබාදී තිබූ දින 03 ක කාලයද අද දිනයෙන් අවසන් වුණා. එමෙන්ම, මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 424 ක්. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 113 ක් වනවා. එමෙන්ම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 49 ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories