දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන්ගේ හමුව අද.

Sunday, 15 September 2013 - 7:21

%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.

මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු මැතිවරණ කළමනාකරණ සංසදයේ නියෝජිතයින් සහ දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීයි. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මැතිවරණ නිරීක්ෂකයින් මෙලෙස දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් හෙට දිනයේදී පොලිස්පතිවරයා සමගද සාකච්ඡා කිරීමට නියමිතයි.

අද දිනයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී තම මැතිවරණ නිරීක්ෂණ විදේශීය නිරීක්ෂකයින්ට ඉදිරිපත් කරන බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s67202_1[/MP3]                                              

අද පැවැත්වෙන සාකච්ඡාව පිළිබඳ අදහස් දැක්වු පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.  

[MP3]s67202_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories