පටු අදහස් ඉටුකරගන්න ඉඩදෙන්න එපා. - ජනපති කියයි.

Sunday, 15 September 2013 - 7:29

%E0%B6%B4%E0%B6%A7%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

රටක් සංවර්ධනය කරන්නට දිගු කලක් ගතවූවත්, එය විනාශ කරන්නට ගතවන්නේ සුළු කාලයක් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ ඊයේ පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ පටු දේශපාලන අදහස් ඉටුකර ගැනීමට උත්සාහ කරන අයට ඊට ඉඩ නොතැබිය යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාති, ආගම්, කුල භේද නොතකන පුළුල් දේශපාලන පක්ෂයක්. රටට වැඩ කරන සියළු දෙනාට එය විවෘතයි. තම පළාත නියෝජනය කරන්නට පළාතේ කෙනෙකු සොයා ගැනීමට නොහැකි තරමට ඇතැම් පක්ෂ අද දුර්වල වී ඇති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළා.  

උතුරේ ජනතාවගේ යහපත වෙනුවෙන් රජය විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි කිලිනොච්චියේ ඊයේ පැවති ජන හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ.

[MP3]s67205[/MP3]

 
මේ අතර, ඊයේ දහවල් ඉරණමඩු - සෙංචෝලේ ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සිටින දරුවන්ගේ සුවදුක් සොයා බැලූවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories