ඉරාකයේ අවමංගල උත්සවයක පිපිරීමක්. 26 ක් මියයයි.

Sunday, 15 September 2013 - 7:49

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


 
උතුරු ඉරාකයේ තුර්කි දේශසීමාව ආසන්නයේ ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු ඉරාකයේ බාෂිකා සුළු ජන කොටස පැවැත්වූ අවමංගල්‍ය උත්සවයක් මෙහි ඉලක්කයයි. ඉරාක රජය ඇමරිකානු රූකඩ ආණ්ඩුවක් ලෙස සලකන සුන්නි සන්නද්ධ කණ්ඩායම් පසුගිය මාසය පුරාම මෙවැනි ප්‍රහාර රැසක් දියත් කළා. යාබද සිරියාවේ පවතින දීර්ඝ කාලීන සිවිල් යුද්ධය හේතුවෙන් සන්නද්ධ කණ්ඩායම්වලට නිදහසේ සැරිසැරීමට අවස්ථාව ලැබීම ප්‍රහාර උත්සන්න වීමට තවත් හේතුවක්. මේ වසරේ මේ වනවිට ඉරාකයේ ප්‍රචන්ඩ ගැටළුවලින් මියගිය සංඛ්‍යාව 4 000 කට අධිකයි. මෙම තත්ත්වය ඉරාකය නැවතත් 2006 - 2007 වසරවල පැවති වර්ගවාදි යුද්ධය කරා ගමන් ගමන්කිරීමක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories