පළාත් සභාවක්, වෙනම රාජ්‍යයක් ඉල්ලීම ආණ්ඩුව සමඟ ගැටීමක්.-ජනපති.

Sunday, 15 September 2013 - 19:39

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

පළාත් සභාවක් වෙනම රාජ්‍යයක් ඉල්ලීම රජය සමඟ ගැටීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මුලතිව් ප්‍රදේශයේ අද (15) පැවැති ජන හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.

[MP3]s67259_1[/MP3]

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පැමිණි පිරිස් වෙනම රාජ්‍යයක අවශ්‍යතාවය ගැන කතා කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම වන බවයි.

[MP3]s67259_2[/MP3]

මේ අතර, ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ  යාපනය - දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී එම පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සහය පළ කිරීමට තීරණය කළ බවයි. ජාති, ආගම්, පළාත් භේදයකින් තොරව රටේ සංවර්ධනයට තමන් දායකත්වය ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ වටුගොඩයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ එහි ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වීරසිංහ සිවකුමාර් ද එම පිරිසට අයත්.
 
ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සාමාජික මර්නික්කම් ලෝගසිංහම් යන අය ද ජනාධිපතිවරයා හමුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories