විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් අද උතුරට.

Monday, 16 September 2013 - 7:25

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7.

පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණි විදේශීය නිරීක්ෂකයන් අද උතුරු පළාත වෙත පිටත්ව යාමට නියමිත බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දියාව, පාකිස්ථානය, භූතානය සහ ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් විදේශීය නිරීක්ෂකයන් 13දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරේදා දිනයේදී දිවයිනට පැමිණියා. ඔවුන් ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ දේශීය මැතිවරණ නිරීක්ෂකයන් හමුවූ බව සඳහන්. අද (16) පෙරවරුවේ විදේශීය නිරීක්ෂකයන් පොලිස්පතිවරයාද හමුවීමට නියමිත අතර ඉන් අනතුරුවයි ඔවුන් උතුර බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ. හෙට දිනයේ සිට විදේශීය නිරීක්ෂකයන් සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය තවදුරටත් සඳහන් කළා. මේ අතර මාලදිවයිනේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශීය නිරීක්ෂකයන් සමග එක්ව පළාත් සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට සූදානමින් සිටින බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

[MP3]s67272_1[/MP3]

මේ අතර, කල්පිටිය - නොරොච්චෝලේ ප්‍රදේශයේදී ජාතීන්ගේ සමගි සන්ධානයේ ජන හමුවකට ඊයේ පස්වරුවේ මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඉන් බරපතල තුවාල ලැබූ එම සන්ධානයේ  පුත්තලම් දිස්ත්‍රික් ප්‍රධාන අපේක්ෂක මොහොමඞ් ෆයුරුස් පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් වික්‍රමබාහු කරුණාරත්න රෝහලෙන් පිටව ගිය බවයි වාර්තාවන්නේ.  නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වයඹ පළාත් හිටපු ධීවර අමාත්‍ය සනත් නිශාන්තගේ සහ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

[MP3]s67272_2[/MP3]

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය චෝදනාව එල්ල වන වයඹ පළාත් හිටපු ධීවර අමාත්‍ය සනත් නිශාන්තගෙන්ද විමසීමක් කළා.

[MP3]s67272_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories