ජීනිවා ප්‍රකාශයට ඩී.එස් පිළිරුව, බෞද්ධ කොඩිය ඇතුළත් කරනවා ද? - එජාප.

Monday, 16 September 2013 - 18:56

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%3F+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4.

නිදහස් චතුරස‍්‍රයේ ඞී.එස්. පිළිරුව සහ බෞද්ධ කොඩිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කළ බව කියන ප්‍රකාශය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය අද (16) ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය, සිය ශ්‍රී ලංකා සංචාරයේ දී,  මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව සහ බෞද්ධ කොඩිය නිදහස් චතුරස‍්‍රයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් පසුගිය දා විපක්ෂ නායකවරයා ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා.

අද (16) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක සදහන් කර සිටියේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජිනිවා හිදි රාජතාන්ත්‍රික ප්‍රකාශයක් සිදුකරන්නේ ද යන්නයි.
 
[MP3]s67321[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories