වීඩියෝ: දයාසිරිගෙන් කම්පියුටර් ජිල්මාට් චෝදනාවක්.

Monday, 16 September 2013 - 19:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කම්පියුටර් ජිල්මාට් මගින් තමාට ලැබෙන ජන්ද සංඛ්‍යාව වෙනස් කිරීමේ උත්සාහයක නිරතවීමට ඇතැම් පුද්ගලයින් සූදානම් වන බව වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s67322[/MP3]                                                

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් විමසීමක් කළා. එහිදී එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඡන්දය ගණන් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නොදැනුවත්භාවය නිසා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයින් මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි.
 
කෙසේ වෙතත් ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වයඹ පළාත් සභාවට ඉදිරිපත්ව සිටින සියලූම අපේක්ෂකයින් දැනුවත් කිරීමේ පන්තියක් ලබන 18 වැනිදා පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. එම පන්තියට පැමිණ දැනුවත් වීමෙන් පසු හැකිනම් මෙවැනි ප්‍රකාශ සිදුකරන ලෙස ඔහු අපේක්ෂකයින්ට අභියෝගයක් ද ඉදිරිපත් කළා.

 

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories