බුද්ධගයාවට බෝම්බ ඇටවූ ත්‍රස්තයා හඳුනා ගැනේ.

Tuesday, 17 September 2013 - 12:40

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%87%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ වන්දනා ගමන් තාවකාලිකව නතර කිරීමට පවා සිදුවූ බුද්ධගයා විහාරයේ බෝම්බ ප්‍රහාරය පිළිබදව තොරතුරු රැසක් ඉන්දීය ඔත්තු සේවා මගින් මේ වන විට හෙළිදරව් කරගෙන තිබෙනවා. මීට මාස 2කට පමණ පෙර සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය ඉන්දීය මුජහිඩීන් සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවයි දැන් විශ්වාස කෙරෙන්නේ. විහාරයේ ආරක්ෂක කැමරා පද්ධතිය මගින් ලද තොරතුරු අනුව මුජහිඩීන් ආරම්භකයා වන යාසීන් භක්තාල් නේපාල දේශසීමා ආසන්නයේ දී අත්අඩංගුවට ගැනුණා.

නව තොරතුරු අනුව හෙළි වී ඇත්තේ එම සංවිධානයට අයත් ටෙහසීන් නොහොත් හසන් නැමැති බිහාරයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බුද්ධගයා විහාරයට බෝම්බ අටවා තිබූ බවයි. ඔහු මීට පෙර නවදිල්ලි, මුම්බායි සහ බැංගලෝර් නගරවල සිදුවූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවත් හෙළි වී තිබෙනවා. පසුගිය ජුලි 7 වන දා මහබෝධි විහාරයට බෝම්බ ප්‍රහාරය එල්ල වූ අතර, මුජහිඩීන් නායකයා අත්අඩංගුවට ගැනුණේ අගෝස්තු 28 වන දා රාත්‍රියේදියි. ඒ සමඟම ඔහු අත්අඩංගුවට ගත් පුවතට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නා.
 
සිය නායකයා අත්අඩංගුවට ගත් පුවත දැන ගැනීමෙන් පසු මහබෝධි සිද්ධියේ බෝම්බකරු ටෙහසීන් සිය සගයා සමඟ මැංගලෝරයේ සිට පළා ගොස් තිබෙනවා. දැන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය ඔත්තු සේවා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කළේ. මුජහිඩීන් නායකයා අත්අඩංගුවට පත් අවස්ථාවේදීම මහබෝධි ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ නැහැ.

[JPG]s67372[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories