TNA ඡන්දයේ මුවාවෙන් බෙදුම්වාදය අවුස්සනවා. - ජනපති.

Tuesday, 17 September 2013 - 12:59

TNA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දෙමළ ජාතික සන්ධානය උතුරේ අහිංසක වැසියන්ගේ හැගීම් අවුස්සා රට බෙදීමට උත්සාහ කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය මැතිවරණයේ දී ජන්ද ලබා ගැනීමේ උත්සාහයක්. එවැන්නකට ඉන්දියාව සහාය ලබාදෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වෙත අදහස් පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව පවතින ගැටළු සහ එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

රටේ සෑම ප්‍රදේශයකටම හමුදාව විසුරුවා තිබීම සාමාන්‍ය තත්ත්වයක්. භූගෝලීය සහ ඓතිහාසික සාධක මත උතුරු, නැගෙනහිර ප්‍රදේශවල එලෙස හමුදාව විශේෂයෙන් යෙදවීමේ අවශ්‍යතාවක් මතු වුණා. කෙසේ නමුත්, 30 වසරක යුද්ධය නිමා වීමෙන් පසු යාපන අර්ධද්වීපයේ හමුදා භට පිරිස් කැපී පෙනෙන අයුරින් ඉවත් කරගෙන තිබෙනවා. එහෙත් දෙමළ සන්ධානය ඉල්ලා සිටින පරිදි යාපන අර්ධද්වීපයෙන් ආරක්ෂක හමුදා කිසිදිනෙක මුළුමනින් ඉවත් කර නොගන්නා බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස දකුණේ හම්බන්තොට හෝ උතුරේ යාපනයේ රැදී සිටින ඔවුන්ට පැවරී ඇත්තේ එකම රාජකාරියක්. ඔවුන්ගෙන් දෙමළ සන්ධාන දේශපාලන ව්‍යාපාරයට බලපෑම්  සිදුවන බවට එල්ල වන චෝදනා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. යාපන අර්ධද්වීපයේ හමුදා භට පිරිස් බොහොමයක් කන්කසන්තුරේ වරායට හා පලාලි ගුවන් කඳවුරට සීමා වී තිබෙනවා. ඔවුන්ට පැවරී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ අවධානයට යොමු නොවන යාපනය නැවත ගොඩනැංවීමේ කටයුත්තයි.

දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන්ගෙන් සියයට 80ක්ම ඉහළ යැයි සම්මත කුල නියෝජනය කරන අයයි. පහත් පෙළේ කුලවලට අයත් බව සැලකෙන දෙමළ සන්ධාන අපේක්ෂකයන් රැසක් දැනටමත් නිදහස් සන්ධානයට එක්වී සිටිනවා. කෙසේ නමුත් උතුරේ හොඳ සටනක් සිදුවනු ඇති බවත් එහිදී හොඳම පක්ෂය ජය ගනු ඇති බවත් ජනාධිපතිවරයා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කළා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories