වීඩියෝ : මිලිමීටර් 100 ඉක්මවූ වැසි - මුහුදත් අනතුරුදායකයි.

Tuesday, 17 September 2013 - 18:43

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් සහ නෝර්වුඞ් ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි ප්‍රකාශ කළේ අදාළ ජලාශ පහළ කොටස්වල ජනතාව සහ කැළණි ගඟ භාවිත කරන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

 

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නිරිතදිග මෝසම් සක්‍රියවීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව හා මධ්‍යම පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක වැසි අපේක්ෂා කළ හැකියි. එසේම මන්නාරමේ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද රළු සහ අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories