වීඩියෝ : ජයග්‍රහණයට ජිල්මාට් අවශ්‍ය නෑ. - ජනපති.

Wednesday, 18 September 2013 - 8:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දැවැන්ත ජනතා ප්‍රසාදයක් තිබෙන සන්ධාන රජයට ජයග්‍රහණය සඳහා කම්පියුටර් ජිල්මාට් අවශ්‍ය නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කුලියාපිටිය කාර්මික විද්‍යාල භූමියේ ඊයේ (17) පැවති ජන හමුවක් අමතමින්. මෙම ජන හමුවට අති විශාල ජනකායක් එක්ව සිටි අතර, ජනාධිපතිවරයා සදහන් කළේ මෙවැනි ජනතාවක් සිටින රජයට ජිල්මාට් කුමකට ද යන්නයි. රටේ යළි කිසි දිනෙක බෙදුම්වාදයට හිස එසවීමට තමන් ඉඩ නොදෙන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

 
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් ජන හමුවක් පුත්තලම නගර ශාලාවේදී ඊයේ (17) පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා රටේ සුළු ජාතීන් නොමැති බව අවධාරණය කළ අතර මුස්ලිම්වරුන් වෙනුවෙන් රජය කැප කිරීම් රැසක් කර ඇති බවද ප්‍රකාශ කළා. ‘‘ආගමික සිද්ධස්ථාන කඩන අය අපේ රටේ නැහැ. අපි දේවස්ථාන, සිද්ධස්ථාන හදන අයයි. තමුන්නාන්සෙලාට මම ඉන්නවා.’’ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories