ඉන්දු - ශ්‍රී ලංකා විදේශ ඇමතිවරු හමුවක් සිකුරාදා.

Wednesday, 18 September 2013 - 13:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් අතර හමුවක් ලබන සිකුරාදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතයි. ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සම්මේලනයට සමගාමීව මෙම හමුව සිදුවන බව පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා. ඉන්දියානු සාගර කලාපය තුළ ඇතිවිය හැකි ආපදා අවස්ථාවලදී මුහුණදිය යුතු ආකාරය සහ මිනිස් ජාවාරම් මැඬපැවැත්වීම මෙම සමුළුවේදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. සමුළුව සඳහා රටවල් 19 ක් සහභාගී වන බවද පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවාව වාර්තා කළා. දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වෙන මෙම හමුව වැදගත් වනු ඇති බවයි විචාරකයන්  පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories