සමාජ ශාලාවක සේවකයන්ට පහරදුන් පොලිසියේ 03 ක් රිමාන්ඩ්.

Thursday, 19 September 2013 - 18:37

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A.

තලංගම - තලවතුගොඩ - මාදිවෙල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සේවකයන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනෙකු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අදාළ රාත්‍රී සමාජ ශාලාවේ සේවකයින් සහ පොලිස් නිලධාරීන් අතර එම සමාජ ශාලාව තුළදී පසුගියදා ඇතිවු බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරුන් ඊයේ (18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, ලබන මස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම පිරිස විනෝදවීම සඳහා රාත්‍රි සමාජ ශාලාවට සිවිල් ඇඳුමින් ගොස් තිබෙනවා. එහිදී මෙම ගැටුම හටගෙන ඇති අතර, පසුව ඔවුන් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාර පොලිස් කොස්තාපල්වරුන්ගෙන් දෙදෙනෙකු මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන අතර එක් අයෙකු සේවය කරන්නේ තලංගම පොලිස් ස්ථානයට අනුයුක්තවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories