වීඩියෝ: ඡන්ද කාඩ් 98% ක් බෙදාහැර අවසන්.

Thursday, 19 September 2013 - 18:47

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+98%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා  98% ක් මේ වනවිට බෙදාහැර අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු සිටී නම් තැපැල් කාර්යාල වෙත පැමිණ ඒවා ලබාගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පති ඩබ්ලිව්.ඒ.ජී. වික්‍රමසිංහ කියා සිටියේ. ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන පළාත්වල තැපැල් කාර්යාල මැතිවරණය පැවැත්වෙන අනිද්දා (21) දිනයේ විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් කාර්යාල වෙත විශේෂ ආරක්ෂාවක්ද පොලිසිය විසින් සපයා දී ඇති බවයි.

ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. එහෙත් එම කාලසීමාවෙන් පසුව ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි 08 ක් තමන් වෙත ලැබී ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව පැමිණිලි 05 ක් අද (19) දිනයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි මධ්‍යස්ථානය වෙත ද ලැබී තිබෙනවා. කිලිනොච්චිය, නුවරඑලිය, මන්නාරම, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මෙම පැමිණිලි ලැබී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් විසින් මැතිවරණ කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කළ යුතු වනවා. කෙසේ වෙතත්, ඔවුන්ට මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා එක් මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යා හැකියි. එසේම දේශපාලන පක්ෂවලටද දිස්ත්‍රික්කයක එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories