වීඩියෝ: ජනපති දළඳා සමිඳුන් වැඳපුදා ගනී.

Thursday, 19 September 2013 - 18:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%85%E0%B6%B3%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%B3%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදෑසන මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ එහිදී ජනාධිපතිවරයා විසින් දළඳා වහන්සේ වැඳපුඳා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් සමගද සුහද කතාබහක නිරත වූ බවයි. එමෙන්ම, ශ්‍රී දළඳා මාලිගාවේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණයට ලක්කර තිබෙනවා. අනතුරුව දළඳා වහන්සේගේ තේවාව භාරව වැඩසිටින මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික තිබ්බටුවාවේ මේධංකර ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේද ආශීර්වාදය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories