ළමුන්ට H.I.V වැළඳීම වැළැක්වීමට නව පියවරක්.

Friday, 20 September 2013 - 8:17

%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+H.I.V+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

මෙරට ළමයින්ට එච්.අයි.වී. ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ජාතික ඒඞ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ යටතේ ගැබිණි මව්වරුන් එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවකට ලක් කරන බවයි. එසේ පරීක්ෂාවට ලක් කර එච්.අයි.වී ආසාදනය වී ඇත්දැයි තහවුරු වුවහොත් ඊට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකි බවයි ඔහු කියා සිටියේ. එමගින් දරුවන්ට එච්.අයි.වී. ආසාදනය වළක්වා ගත හැකි බව ද ඔහු සඳහන් කළා. පැකිලීමකින් තොරව මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන ලෙසද ජාතික ඒඞ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා. මේ වනවිට එච්.අයි.වී ආසාදනය වූ ළමයින් 64 දෙනෙකු වාර්තා වී ඇති බව ද සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories