රසායනික අවි ප්‍රහාරය සිරියානු රජයෙන්මයි. - ඇමෙරිකාව.

Friday, 20 September 2013 - 8:16

%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.


පසුගිය අගෝස්තු 21 වැනිදා දමස්කස් අගනුවරට ආසන්නයට එල්ල වූ රසායනික අවි ප්‍රහාරය සිරියානු රජයේ හමුදාවල රොකට් හරහා පැමිණි බව සහතිකයැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. ජගත් සංවිධාන නිරීක්ෂකයන්ගේ වාර්තාවෙන් එය සක්සුදක් සේ පැහැදිලි වන බවයි ඔහු කියා සිටියේ. රසායනික අවි ප්‍රහාරය මුල් කර ගෙන සිරියාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව මීට පෙර සූදානම් වුණා. එහෙත් රුසියාවේ මැදිහත්වීමෙන් සිරියාවෙන් රසායනික අවි විනාශ කිරීමේ වැඩපිළිවෙලක් දැන් ආරම්භ වී තිබෙනවා. ඒ අතරතුරයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිරියාවට එරෙහි නව චෝදනා එල්ල කළේ. කෙසේ නමුත්, ප්‍රහාරය කැරලිකරුවන් විසින් එල්ල කළ බව සිරියානු රජය පවසනවා. මේ අතර සිරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කද්රී ජමීල් කියා සිටියේ සිරියාවේ සිවිල් යුද්ධය දැන් දෙපාර්ශවයේ බලය සමවූ තත්ත්වයකට පත්වී ඇති බවයි. එහිදී කිසිදු පාර්ශවයක් ජයග්‍රහණය ලැබීමට තරම් ශක්තිමත් නොවන බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories