සිරියාවේ සාමයට මැදිහත් වන්න ඉරානය සූදානම්.

Friday, 20 September 2013 - 13:35

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

සිරියානු රජය සහ විපක්ෂය අතර සාම සංවාදයක් ඇති කිරීමට මැදිහත් විය හැකි බව ඉරාන ජනාධිපති හසාන් රව්හානි ප්‍රකාශ කළා. සිරියාව පමණක් නොව, බහරේනයේ පවතින අර්බුදයට මෙලෙස මැදිහත්විය හැකි බවයි ඔහු කියා සිටියේ. එම රටවල ජාතික මට්ටමේ සංවාදයක් ඇතිකරලීම සඳහා කලාපයේ රටවල් ඵලදායි ලෙස එක්විය යුතුයි. එමගින් මැදපෙරදිග කලාපයේ ජනතාවට ඔවුන්ගේ අනාගතය තීරණය කිරීමට හැකිවනු ඇති බවයි ඉරාන ජනාධිපතිවරයා වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප්‍රකාශ කළේ. ඉදිරි සතියේ ආරම්භ වන ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා යන ඉරාන නායකයා ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ද හමුවනු ඇතැයි අපේක්ෂිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories