මැතිවරණ ප්‍රචාරක කටයුතු තවමත්. - පැෆ්රල්.

Friday, 20 September 2013 - 13:11

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.+-+%E0%B6%B4%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවත් මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවල තවමත් ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පවතින බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙම කරුණු අනාවරණය කළේ කොළඹදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින්. මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් සිය සංවිධානය වෙත වාර්තා වී ඇති බවයි විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම මෙලෙස නියමිත කාලයෙන් අනතුරුව නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවල නිරත වන බව පැෆ්රල් සංවිධානය තවදුරටත් ප්‍රකාශ කළා. කුරුණෑගල, නුවරඑළිය හා උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකින් මෙවැනි පැමිණිලි පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories