උතුර, වයඹ, මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම ඇරඹේ.

Saturday, 21 September 2013 - 7:49

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම අද (21) පෙරවරු 7ට ආරම්භ කෙරුණ. එම පළාත් සභා සඳහා සභිකයින් 142 දෙනෙකු තෝරා ගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් කෙරෙන අතර, මැතිවරණයට දේශපාලන පක්ෂ 126 කින් සහ ස්වාධීන කණ්ඩායම් 75 කින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 3785 ක්. මෙවර ඡන්ද විමසීම සඳහා ඡන්දදායකයින් 43 ලක්ෂ 63,252 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
 
මධ්‍යස්ථාන 3712 කදී ඡන්ද විමසීමේ කටයුතු සිදුකෙරෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ උදෑසනින් ඡන්ද පොළට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ ප්‍රදේශවල ජනතාව කටයුතු කරන්නේ නම් එය වඩාත් පහසු බවයි. ඡන්ද හිමි නාම ලේඛණයේ නම් සඳහන්  ඕනෑම අයෙකුට පිළිගත් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර සිය ඡන්දය භාවිත කළ හැකි බව ඔහු කියා සිටියා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories