කොළඹ සිට ලන්ඩනය බලා ඊයේ ගමන් ගත් ශ්‍රී ලංකන් සේවයට අයත් ඒ 340 වර්ගයේ එයාර් බස් යානයේ කළහකාරී ලෙස හැසිරුණු බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ගුවන් යානය ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රියේ ගොඩබෑමට නියමිතව තිබූ අතර ඊට පෙර මොවුන් සිය ගමන් මළුවල බෝම්බ ඇති බව පවසා යානයේ කාර්ය මණ්ඩලයට තර්ජනය කළ බව සඳහන්. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය පොලීසියට දැනුම් දුන් කාර්ය මණ්ඩලය ගුවන් යානය ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගොඩ බස්වා පරීක්ෂා කර තිබෙනවා. එහෙත් එහි කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් තිබී නැහැ. මෙම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 267 දෙනෙකු ගමන් කළ බවයි වාර්තාවන්නේ. මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා වීසා කාලය ඉකුත් වී රැඳී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අය බව ආරංචි මාර්ග සඳහන් කළා.
Follow US
Most Viewed Stories