ඡන්ද ගණන් කිරීමේ වෙනස ගැන මැතිවරණ කොමසාරිස් පහදයි.

Saturday, 21 September 2013 - 13:12

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

මෙවර පළාත් සභා මැතිවරණයේදී ඡුන්ද ගණන් කිරීමේ කටයුතුවල වෙනසක්  සිදුකර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අත්හදාබැලීමක් ලෙස මෙම කටයුත්ත සිදුකරන බවයි. මීට පෙර අදාළ මැතිවරණ කොට්ඨාශවල ඡන්ද මධ්‍යස්ථානවල සිට රැගෙන එන ඡන්ද පෙට්ටි එක් ස්ථානයකදී ගණන් කළ අතර එම කොටසේ ප්‍රකාශිත ඡන්ද පිළිබඳව අපේක්ෂකයන්ට තොරතුරු ලබාගැනීම පහසුවුණා.

එහෙත් පසුකාලීනව ඒවා පදනම් කරගනිමින් ඔවුන් ඡන්ද දායකයන්ට දක්වා තිබුණේ විවිධ ප්‍රතිචාරයන්. එම නිසා මෙවර ඡන්ද මධ්‍යස්ථානවලින් රැගෙන එන ඡන්ද පෙට්ටි අනුපිළිවෙලට ගණනය කිරීමක් නොකර ඒවා විවිධාංගීකරණය කිරීමටයි මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත්තේ. එවිට ඒ, ඒ, ඡන්ද මධ්‍යස්ථාවලින් ලබාගත් ඡන්ද පිළිබඳව පූර්ව නිගමනවලට පැමිණීම අපහසුවනවා. කෙසේ වෙතත් අදාළ කොට්ඨාශයේ ප්‍රකාශිත ඡන්ද පිළිබඳව මැතිවරණ කාර්යාලය විසින් නිවේදනය කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories