ඡන්දය සාමකාමීයි. මැ.කො.

Sunday, 22 September 2013 - 8:05

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.


 
සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට ඊයේ  (21) පැවති පළාත් සභා ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. මැතිවරණය නිමාවීමෙන් අනතුරුව අනතුරුව රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ. ඊයේ පැවති ඡන්ද විමසීමේදී අඩුම ඡුන්ද ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. වැඩිම ඡන්ද ප්‍රතිශතය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා.  මැතිවරණය සාර්ථකව නිමා කිරීමට සහය දුන් සියලූදෙනාට සිය ප්‍රණාමය පුද කරන බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මෙහිදී තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories