වයඹ, මධ්‍යම සන්ධානයට. ටී.එන්. ඒ. උතුර ජයගනී.

Sunday, 22 September 2013 - 12:59

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%2C+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%92.+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වයඹ සහ මධ්‍යම පළාත් සභා ජයග්‍රහණය කර තිබෙනවා. වසර 25 කට පසුව පැවති උතුරු පළාත් සභා ඡන්ද විමසීමේදී එය ජයගනු ලැබුවේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි.

ප්‍රසාද මන්ත්‍රී ආසන දෙකත් සමග උතුරු පළාත් සභාවට හිමි මන්ත්‍රී ආසන 38 න් 30 ක්ම හිමිකරගෙන ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. උතුරු පළාත් සභා සමස්ත ප්‍රතිඵලයට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද තුන්ලක්ෂ 53595 ක්. එය ප්‍රතිශතයක් ලෙස සියයට 78.48 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 82 838 ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 7 ක් හිමිකරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 6761 ක් ලබාගනිමින් හිමිකරගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1 ක්.

වයඹ පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රසාද ආසන දෙකත් සමග ආසන 34 ක් හිමිකරගත්තා. ඒ, ඡන්ද හත්ලක්ෂ 5181 ක් ලබාගනිමින්. එක්සත් ජාතික පක්ෂය ආසන 12 ක් හිමිකරගත්තේ ඡන්ද දෙලක්ෂ 57 011 ක් ලබාගනිමින්.  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද  46 114 ක් ලබාගනිමින් ආසන 3 ක් හිමිකරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොග්‍රසය ඡන්ද 27 860 ක් ලබාගනිමින් හිමිකරගත් ආසන සංඛ්‍යාව දෙකක්. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 19 624 ක් ලබාගනිමින් වයඹ පළාතින් එක් ආසනයක් හිමිකරගත්තා.

මධ්‍යම පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ප්‍රසාද ආසන දෙකක්ද සමග ආසන 36 ක් හිමිවුණා. එහිදී ඔවුන්ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව හත්ලක්ෂ 16 247 ක්. එක්සත් ජාතික පක්ෂයට මධ්‍යම පළාතෙන් ආසන 16 ක් හිමිවූ අතර එහිදී ඔවුන් ඡන්ද තුන්ලක්ෂ 30815 ක් ලබාගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 2 ක් හිමිකරගත්තේ ඡන්ද 45 239 ක් ලබාගනිමින්. ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද 29 285 ක් ලබාගනිමින් ආසන දෙකක් හිමිකරගත්තා. කදුරට ජනතා පෙරමුණ ඡන්ද 24 913 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගත් අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් හිමිවූයේ ඡන්ද 17 788 ක් ලබාගනිමින්.

උතුරු පළාත් සභාවට අයත් යාපන දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලයට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 14 ක් හිමිවුණා. ඒ එහිදී ඔවුන්ට හිමිවූ ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 13 907 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 35 995 ක් ලබාගනිමින් ආසන දෙකක් හිමිකරගත්තා.

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 3 ක් හිමිවූ අතර එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 37 079 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 7897 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ආසනයකට හිමිකම් කියනු ලැබුවා.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජයගනිමින් ආසන 3 ක් හිමිකරගත්තා. එහිදී ඔවුන් හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 33 118 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 15404 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධුරයක් හිමිකරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 4571 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ආසනයක් ලබාගෙන තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 4 ක් හිමිවුණා. එහිදී ඔවුන් හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 41 225 ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 16 633 ක් ලබාගනිමින් ආසන දෙකක් හිමිකරගත්තා.

මුලතිව් දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආසන 4 ක් හිමිවූ අතර එහිදී ඔවුන් ඡන්ද 28 266 ක් ලබාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 7 209 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ආසනයක් දිනා ගත්තා.

මධ්‍යම පළාත් සභාවට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 16 ක් හිමිවුණා. ඔවුන් එහිදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ 55 812 ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද දෙලක්ෂ 187 ක් ලබාගනිමින් ආසන 9 ක් හිමිකරගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 37 431 ක් ලබාගනිමින් ආසන දෙකක් හිමිකරගෙන තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද 18 787 ක් ලබාගනිමින් එක් ආසනයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 11 137 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගත්තා.

මාතලේ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද එක්ලක්ෂ 35 128 ක් ලබාගනිමින් ආසන 7 ක් හිමිකරගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 63 365 ක් ලබාගනිමින් ආසන 3 ක් දිනාගත් අතර ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද 10 498 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ආසනයක් දිනාගෙන තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දෙලක්ෂ 25 307 ක් ලබාගනිමින් ආසන 11 ක් දිනාගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 67263 ක් ලබාගනිමින් ආසන 4 ක් දිනාගත් අතර කඳුරට ජනතා පෙරමුණ ඡන්ද 23 455 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගෙන තිබෙනවා.

වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්ලක්ෂ 40513 ක් ලබාගනිමින් ආසන 23 ක් හිමිකරගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද එක්ලක්ෂ 69 668 ක් ලබාගනිමින් හිමිකරගත් ආසන සංඛ්‍යාව 7 ක්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 36 096 ක් ලබාගනිමින් ආසන දෙකක් හිමිකරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 17 130 ක් ලබාගනිමින් එක් ආසනයක් සහ ජනතාවිමුක්ති පෙරමුණ ඡන්ද 16 311 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගෙන තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 9 ක් හිමිකරගත්තේ ඡන්ද එක්ලක්ෂ 64 675 ක් ලබාගනිමින්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 87343 ලබාගනිමින් ආසන 5 ක් හිමිකරගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 10 730 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද  10 018 ක් ලබාගනිමින් එක් ආසනයක් හිමිකරගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories