පාකිස්ථානයේ පෙෂාවර් නුවර දේවස්ථානයක් ඉදිරිපිට අද (22) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර දෙකකින් පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 120 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මියගිය අය අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බව සඳහන්. ඉරිදා දේව මෙහෙය අවසන් වී පිටතට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගෙනයි ප්රහාරය එල්ල වී ඇත්තේ. පාකිස්තානයේ ක්රිස්තියානි බැතිමතුන් මීට පෙර ද ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්රහාරවලට ලක්වුණා.
Follow US
Most Viewed Stories