ඉහළ ඡන්දය දැමීමේ ප්‍රතිශතය ගැන ඇමරිකාවත් සතුටින්.

Sunday, 22 September 2013 - 19:04

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.



වයඹ, මධ්‍යම සහ උතුර පළාත් සභා මැතිවරණයේ ජන්දය දැමීමේ ප්‍රතිශතය ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියේ ජයග්‍රහණයක් බව ඇමරිකාව පවසනවා. පළාත් සභා මැතිවරණය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ උතුරු පළාත් සභා මැතිවරණය මගින් සංහිදියාව ඇති කිරීම සඳහා හොද ආරම්භයක් ලබාදී ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ පැවැත්වීමම පමණක් නොවන බව ද එම නිවේදනයේ සදහන්. වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

මේ අතර, සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමීවුවත් ඇතැම් සිදුවීම් පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව පැෆ්රල් සංවිධානය සඳහන් කළා.
 
පශ්චාත් මැතිවරණ සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංගණය කරන පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories