දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක්. 5 ක් රෝහලේ.

Monday, 23 September 2013 - 8:05

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.++++++5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.


 
හැටන් - දාබරේ - රොතෑස් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් පස්දෙනෙකු කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර තිබෙනවා. හැටන් පොලීසිය සඳහන් කළේ තුවාල කරුවන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක්. ඊයේ පස්වරුවේ මෙම ගැටුම ඇතිවූ රොතෑස් වත්ත ප්‍රදේශයේ මැතිවරණ පෙළපාලියක් යන අතරතුරයි. එහිදී ඔවුන්ට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.  කෙසේ වෙතත් හැටන් පොලීසිය සඳහන් කළේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවයි.

[JPG]67794_1[/JPG]

[JPG]67794_2[/JPG]

[JPG]67794_3[/JPG]

[JPG]67794_4[/JPG]

[JPG]67794_5[/JPG]

[JPG]67794_6[/JPG]

[JPG]67794_7[/JPG]

[JPG]67794_8[/JPG]

[JPG]67794_9[/JPG]

[JPG]67794_10[/JPG]

[JPG]67794_11[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories