දේශපාලන ඥාතීන් රැසක් පළාත් සභාවේ.

Monday, 23 September 2013 - 8:10

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

මෙවර පළාත් සභා මැතිවරණයට දැනට ආණ්ඩුව මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයන්ගේ සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතීන් ද ඉදිරිපත්ව සිටියා.  ඔවුන්ගේ ජයග්‍රහණ පිළිබදව අප අවධානය යොමු කළ අතර, පළමුව සලකා බලන්නේ මාතලේ දිස්ත්‍රික්කය පිළිබදවයි.  

අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්ගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාතලේ සන්ධාන ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත්වුණේ මනාප 51 591 ක් ලබා ගනිමින්. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ සහෝදරයා වන පරාක්‍රම දිසානායක ඡන්ද 24686ක් ලබාගනිමින්  තුන්වන ස්ථානයට පත්ව තිබුණා. උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගේ පුත් චින්තක ඒකනායක ද පළාත් සභා මැතිවරණයෙන් සන්ධාන අපෙක්ෂකයෙකු ලෙස තේරී පත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලූවිහාරේගේ සොහොයුරා වූ රංජිත් අලූවිහාරේ මාතලේ එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වී තිබුණා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත් තිළිණ බණ්ඩාර තෙන්නකොන් ද මහනුවරින් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහුද මෙවර පළාත් සභාවට සුදුසුකම් ලබාගත්තා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුතු වූ අනුරාධ ජයරත්න ද දිස්ත්‍රික්කයේ පළමු තැනට තේරී පත් වුණා. සන්ධානයෙන් නුවරඑළියට ඉදිරිපත් වූ අමාත්‍ය එස්.බී. දිසානායකගේ වැඩිමහල් සොහොයුරු සාලිය දිසානායක පරාජයට පත්වුණා.
 
එසේම නුවරඑළියෙන් මැතිවරණයට ඉදිරිපත් වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරු ජයලත් දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ මනාප 16,555ක් ද ලබා ගනිමින්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි අවධානයක් යොමු කර ගත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු ද මනාප 134 423 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා. අමාත්‍ය ජයරත්න හේරත්ගේ පුතු වූ පියුමාල් හේරත් පළාත් සභාවට තේරී පත්වුණා. අමාත්‍ය සාලින්ද දිසානායගේ බිරිද වූ මංජුලා දිසානායකද මනාප ඡුන්ද 37 939 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. අමාත්‍ය අනුර යාපාගේ සොහොයුරෙකු වූ චන්දන යාපා ද සන්ධාන ජයග්‍රාහයෙක්.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ පුතු වූ අසංක පෙරේරා ද මනාප ඡුන්ද 15 658 ක් ලබාගනිමින් පළාත් සභාවට තේරී පත්වුණා.  අමාත්‍ය දයාශ්‍රිත තිසේරාගේ සොහොයුරාගේ පුතෙකු වූ සුමල් තිසේරා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී මනාප 26,995ක් ලබා ජයග්‍රහණය කළා. ද.මු. දසනායක හිටපු අමාත්‍යවරයාගේ බිරිද වූ ඉන්ද්‍රාණි දසනායක ද ජයග්‍රහණය කර ඇති අතර ඇය මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා. එම ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත්ව ඇත්තේ ද.මු. දසනායක හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරියකගේ බෑනා වන අමල් මායාදුන්නේයි.

මහින්දානන්ද අලූත්ගමගේගේ බාප්පාගේ පුතා වන ආනන්ද අලූත්ගමගේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවද ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ. එමෙන්ම අමාත්‍යවරයාගේ මස්සිනා වන ආනන්ද වීරසිංහ මනාප ඡුන්ද  23 652 ක් ලබාගනිමින් පළාත් සභාවට තේරී පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories