ෆොන්සේකාගේ ගිනිසිළුව විපක්ෂයේ ස්වාධීන වෙයි.

Monday, 23 September 2013 - 13:06

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



මෙවර පළාත් සභා ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් 5 දෙනා පළාත් සභාව තුළදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පැවසුවේ විපක්ෂයේ සිට ඔවුන් මෙලෙස ස්වාධීනව කටයුතු කරනු ඇති බවයි. මෙවර මැතිවරණයට පළමුවරට තරග වැදුණු සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වයඹ පළාත් සභාව සඳහා මන්ත්‍රී ධුර 3 ක් ද, මධ්‍යම පළාත් සභාව සඳහා මන්ත්‍රී ධුර 2 ක් ද හිමිවී තිබෙනවා.
 
මේ අතර, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් තරග වැදී පරාජයට පත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීට ප්‍රසාද මන්ත්‍රී ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වී.ආනන්ද සංගරී මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 2796 ක්. ඒ අනුව, මනාප ලැයිස්තුවේ අපේක්ෂකයන් 7 දෙනාගෙන් ඔහුට හිමිවූයේ 6 වන ස්ථානයයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් මෙවර උතුරු පළාත් සභාව සඳහා මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරී පත්වුණා. මෙලෙස ආනන්ද සංගරීට ප්‍රසාද මන්ත්‍රී ධුරයක් ලබාදීමට සූදානම් වන්නේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් හිමිවූ ප්‍රසාද ආසන දෙකෙන් එකක් ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories