හෙළ උරුමය හා ම.එ.පෙ පරාජයට හේතු කියයි.

Tuesday, 24 September 2013 - 8:06

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8.%E0%B6%91.%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මෙවර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුව යටතේ සිය අපේක්ෂකයන් ඉදිරිපත් කළ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමයේ අපේෂකයින්ට මන්ත්‍රී ධුර හිමිවූයේ නැහැ. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල නියෝජිතයන්ගෙන් විමසීමක් කළා.

මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සන්ධානය ලැබූ ජය එක් පක්ෂයක ජයක් නොවන බවයි. සන්ධානයක් ලෙස විවිධ කණ්ඩායම් රැසක් තරග කරන මේ මොහොතේ එහි අපේක්ෂකයෙකු ලබන පරාජයකින් පක්ෂයක පරාජයක් ලෙස හැදින්විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කෙසේ වුවත් පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.

අධික ලෙස මුදල් වැය කරමින් මනාප අපේක්ෂාවෙන් සිදුකරන දේශපාලන ව්‍යාපාරයක් තුළ ප්‍රතිපත්තිගරුක අපේක්ෂකයින්ට මනාප ලබා ගැනීම අපහසු බව ජාතික හෙළ උරුමය පවසනවා. එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ   සිය පක්ෂය එක් රැයකින් ජයග්‍රහණය අපේක්ෂා නොකරන බවයි. කෙසේ වුවත් අප මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories