හෝමාගම පාසල් සිසුන් තුන්දෙනෙකුට විදුහල්පතිගෙන් පොලූ පහර.

Tuesday, 24 September 2013 - 12:42

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB.



හෝමාගම - කිරිවත්තුඩුව විජේවර්ධන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සිසුන් තුන්දෙනෙකුට පහරදීමේ සිද්ධියක් පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. එස්.කේ. දේශාන් විදුරංග නැමැති තම පුතණුවන්ට පාසල් වේලාව තුළ දී ඊයේ (23)මෙම පහරදීම සිදුකර ඇති බවයි චමිලා සංජීවනී නැමැති මෙම දරුවාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. පසුව මෙම සිසුවා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.  

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කහතුඩුව පොලීසියෙන් ද විමසීමක් කළ අතර, එහිදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ පිළිබද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, අද (24) දහවල් මෙම පහරකෑමට ලක්වූ දේශාන් විදුරංග සිසුවා ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගියා. එහිදී සිය නිවස වෙත පැමිණීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ සිසුවා කියා සිටියේ විදුහල්පතිවරයා තමන්ට සහ තවත් සිසුන් දෙදෙනෙකුට මුගුරකින් පහර දුන් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories