එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සහ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද දිනයේදී විරෝධතා පැවැත්වුණා.
මෙහිදී සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවයි.
මේ අතර ප්රජාතන්ත්රවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුණේ මෙවර එම පක්ෂයෙන් මධ්‍යම පළාතට මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ අපේක්ෂකයෙක්. අලූත්ගෙදර හේරත් බණ්ඩා නැමති මෙම අපේක්ෂකයා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කලේ මැතිවරණයේදී තමන් මනාප 7 800 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත් බවයි. එහෙත් අවසන් ප්‍රතිඵල ලේඛනයේ සඳහන් වූයේ මනාප ඡන්ද 4 660 ක් ලබාගෙන ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව ඇති බවයි. එය සිදුවිය නොහැක්කක් බව පවසමිනුයි ඔහු මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.
Follow US
Most Viewed Stories