වීඩියෝ: ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් හමුවේ.

Tuesday, 24 September 2013 - 19:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B6%AF+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පුත්තලම - ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් තුළ තිබී හමුවූ ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා තොගය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා එම ස්ථානයට පැමිණීමත් සමග මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් අතර මෙම උණුසුම් තත්ත්වය මතුව ඇති බවයි.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය තුළ තිබී ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් අද හමුවුණා. මෙම විද්‍යාලය පසුගිය සෙනසුරාදා පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද කටයුතු කරනු ලැබුවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ පාසල් ගොඩනැගිල්ලේ තිබූ පොලිතින් උර 3 ක් පරීක්ෂා කිරීමේදී එහි ඡන්ද පත්‍රිකා තොගයක් තිබී හමුවූ බවයි. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා, සහකාර මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා උත්සාහ කිරීමත් සමගයි එම උණුසුම් තත්ත්වය මතුව ඇත්තේ.   

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා  මැතිවරණ කොමසාරිස්වරයාද මේ වනවිට එම ස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.
 
සාමාන්‍යයෙන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකා මැතිවරණ කාර්යාලය වෙත ගෙන එනවා. එහෙත් මෙම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබී ඡන්ද පත්‍රිකා තොගයක් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි මැතිවරණ කාර්යාලය පවසන්නේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories